ආදරය ව‍ගේ නො‍‍වේ අඟහිග දැනෙයි කුඩු‍වේaadharaya wagee nowee angahiga dhaeneyi kuduwee

Adaraya Wage Nowe Aga Higa Danei Kuduwe

Lyrics

ආදරය ව‍ගේ නො‍‍වේ අඟහිග දැනෙයි කුඩු‍වේ
දුක දරාගන්න ‍වේවි නුඹට මහ‍මෙරක් ව‍ගේ //

වෙන කවුරුත් ‍නොයන උය‍නේ වඳුළු වන ‍පෙ‍තේ
අපි අනාගතය මැවුවත් ඒ ඇත්තමට ‍නො‍වේ
මගේ කුඩුවට ඇවිත් කඳුලක් ඇතිවු‍නොත් ‍නෙ‍තේ
මට හදා ගන්න බැරි‍වෙයි හිත මගේ කිරිල්ලි‍යේ

ආදරය ව‍ගේ ....

රන් කාසි නැතිව හැඩ‍වේවිද සිනා මල් නු‍ඹේ
මුදු ‍සේල ‍නොමැති යහනක නෙත පියවිද රැ‍යේ
මගේ කුඩුවට ඇවිත් කඳුලක් ඇතිවු‍නොත් ‍නෙ‍තේ
මට හදා ගන්න බැරි‍වෙයි හිත මගේ කිරිල්ලි‍යේ

ආදරය ව‍ගේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.