ආදරය කියාදුන්aadharaya kiyaadhun

Adaraya Kiya Dun

Lyrics

ආදරය කියාදුන් ඇස දෙකට
වාවන්න බැරිලු උනු කදුළු කැට
ඈ කවුරු වුණත් ඇවැස්ස කමට 
හිත දෙන්න වුණා නෑනන්ඩියට
ආදරය කියාදුන් ඇස දෙකට

සිතිවිලි ඔබගේ සෙනෙහස තැවරූ
මම යන්තම් වත් නොකලෙමි ඇසුරූ
උඹෙ හිතේ තියන් මටවත් නොකියූ
(ඒ රහසද ඔච්චරටම නපුරූ)..//

ආදරය කියාදුන් ඇස දෙකට....

සැන්දෑ අහසද අද අමාවකයි
මං හින්දා ඔබ නිකරුනේ හඩයි
රෑ සිහිනෙන් නිරතුරුව ඉකි ගසයි
(මට සමාවෙන්න වරද මගෙ නොවෙයි)..//

ආදරය කියාදුන් ඇස දෙකට....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.