ආදරයaadharaya

Adaraya

Music:
ඉන්ද්‍රජිත් මිරිහනගේindhrajith mirihanagee
Lyrics:
කුසල් බී සේනාධීරkusal bii seenaadhhiira

Lyrics

ආදරය තිබේමැයි ආදරය ලැබේමැයි 
එදා මට ලොව නෙතින් කීවා
ආදරය පුදා හද ආදරය දිනන්නට 
හැකිය මට මගේ හිතෙන් කීවා.......

මා තනිව දුර ගියේ ආදරේ 
ගංගාවක් අතරමැද ජීවිතේ හංගා
මා පැතූ ආදරේ අතරමං වී ගියේ 
හිතන්නේ කුමක්දෝ මන්දා......

ආදරය තිබේමැයි......

ආදරය තිබේමැයි ආදරය ලැබේමැයි 
එදා කී ලෝ දෙනෙත් වැසීලා
ආදරය සඟවලා ආදරය නැතිවෙලා 
හදවතේ ආදරේ මැකීලා පියවෙලා......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.