Lyrics
ආදරය ආගමකි අදහන්න පුළුවන්
ආයුධය කර එයම මරවන්න පුළුවන්
පණ දෙන්න හිටි අයම නොකියාම යයිනම්
කා හටද පවසන්නෙ මගෙ වේදනාවන්
අනුකම්පා ඔබෙ දෑසේ දැන් නැත්තට නැති වේදෝ
ඔබ හින්දා මගෙ ලෝකේ මෙතනින් අවසන් වේදෝ
වැලපිල්ල අහනවද අහසේ සඳු
දුක්විල්ල වැරදීද කියපන් තරූ
ඇවිලිල්ල නවතන්නනම් ගිණිකඳු
ඇත්තටම මම මැරිලා ඉපදිය යුතූ
අනුකම්පා ඔබෙ දෑසේ දැන් නැත්තට නැති වේදෝ
ඔබ හින්දා මගෙ ලෝකේ මෙතනින් අවසන් වේදෝ
ආයුශය දැන දැනම නවතා දැමූ
අකුසලය මා හටම අතු වෙයි මතූ
ගැලවෙන්න ඒ පාපයෙන් බිහිසුණු
ජීවිතය අත් නොහැර රැක ගත යුතූ
ආදරය ආගමකි අදහන්න පුළුවන්
ආයුධය කර එයම මරවන්න පුළුවන්
පණ දෙන්න හිටි අයම නොකියාම යයිනම්
කාහටද පවසන්නෙ මගෙ වේදනාවන්
අනුකම්පා ඔබෙ දෑසේ දැන් නැත්තට නැති වේදෝ
ඔබ හින්දා මගෙ ලෝකේ මෙතනින් අවසන් වේදෝ