Lyrics
ආදරවන්තයෙකි දැන් ඔහු
පියමැන පිවිසෙනවා
ප්‍රිය සැමියෙකුවීලා අද
කැන්දාගෙන යනවා //
මහපට දෑගිළි එකට බැදී
මංගල පෝරුවෙ දී //
රන් කෙණ්ඩියකින් පැන් විහිදී
නින්දද හීය විදී
ආදරවන්තයෙකි ...
අපමණ අරුමැති ප්‍රාර්ථනා
සුභ නැකතින් ඉටුවේ //
ඇය ඔබේ ජීවන රජ දහනේ
ප්‍රිය අග මෙහෙසිය වේ
ආදරවන්තයෙකි...