ආදරණීය නේරංජනාaadharaniiya neeranjanaa

Adaraniya Neranjana

Lyrics:
ප්‍රේම කීර්ති ද අල්විස්preema kiirthi dha alwis

Lyrics

ආදරණීය නේරංජනා.../////
ඔබෙ මුදු මඳ හසරැලි මාලාවේ
වෙලී බැඳුන දින රඟ ශාලාවේ
තුන් හිතකින්වත් නොසිතූ විලසින්
යළි ඔබ දැකුමට ආ වේලාවේ
අප හමුවූ ගෙඋයන් සීමාවේ
එක මොහොතක පමණකි තනිවූයේ
මටමම පුදුමයි අදහන්නට බෑ
මමම නොවේ යළි ඉන් පිටවූයේ.....

කවුදෝ මා පසුපස එනු දැනුණා
පාලු වීදියේ තනිකම මැකුණා
ජීවමාන කිසිවකු හිටියේ නෑ
එනමුදු කවුදෝ ඇති බව හැඟුණා......

නිදි යහනේ මා නින්දට වැටුණා
ඔබ මා සිහිනෙන් අමතනු පෙනුණා 
එනමුදු කෙළෙසද ඇගෙ අත ගන්නේ
මගේ සිතම මට මුමුණනු ඇසුණා.....

ආදරණීය නේරංජනා...///////

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.