ආදර වියෝ දුකින් මා ගයන මේ ගීaadhara wiyoo dhukin maa gayana mee gii

Adara Viyo Dukin Ma Gayana Me Gee

Lyrics

ආදර වියෝ දුකින් මා ගයන මේ ගී
ඔබ හට ඇසේවා රණ හංසියේ
රණ හංසියේ මගේ රණ හංසියේ //

ඒ සොඳුරු විජිතේ ඇ සිහින කුමරී
මා හා බැඳීලා දිවි මං තලේ
ඒ පවස මා හා නෑ දැන් රුඳීලා
මා ඉන්නෙ තනිවී රණ හංසියේ
රණ හංසියේ මගේ රණ හංසියේ //

ඒ නීල දෑසේ සෙනෙහේ සිනා රැල්
මා සනසවාලයි සිහිනෙන් පවා
ඒ වේදනාවන් මා හදවතට මෙන් 
ඔබටත් දැනේදෝ රණ හංසියේ

ආදර වියෝ දුකින් ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.