ආදර සීනුව පෙම් ලොව දොර ලඟ රැව් දෙන්නේaadhara siinuwa pem lowa dhora langa raew dhennee

Adara Seenuwa Pem Lowa Dora Laga Raw Denne

Lyrics

(ආදර සීනුව පෙම් ලොව දොර ලඟ රැව් දෙන්නේ
ජීවන විජිතේ ආදර දෙවගන හිනැහෙන්නේ
ලස්සන හදවත් පමණයි ආලය හදුනන්නේ
මේ ආදරයට යා හැකි දුර නෑ මා දන්නේ)..//

කාගේ වේවා ලේ එක වාගේ දිස්වන්නේ
අහසයි මුහුදයි ලංවී දෙනුවන් රවටන්නේ
ආලය මායා සිහිනය මේදෝ නැහැ දන්නේ
ආලය විසදුම් දෙනතුරු ඉන්නද සිදුවන්නේ

ආදර සීනුව ..../

සංසාරේ හුරු සුවඳයි මට ඈ ගෙන එන්නේ
මාගෙ දුප්පත්කමටයි ලොව එදිරිව ඉන්නේ
ජය ටැඹ පෙනුනත් ජය හිමි වේදෝ නැහැ දන්නේ
යා යුතු මාවත කොයි අත වේදෝ නෑ දන්නේ

ආදර සීනුව ..../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.