Lyrics
(ආදර නදියේ පීනමු පිරියේ...//)
එනු සුදු සොඳුරී වන් මගෙ මිහිරේ....
කැලේ පුරා ගොසින් නෙලා ඉද්ද ගෙනාවේ
විලේ දනක් වි තෙමී ඕලු ගෙනාවේ
ඕලු මලුයි ඉද්ද මලුයි එකට ගොතලා
සුදෝ ඔබේ ගෙලේ බඳිමි සුවඳ ඒ මාලා....
ආදර නදියේ....
කුරුළු හඬින් හොඳම හඬක් රැගෙන සොයාලා
අන්න ඊට අනුව මිහිරි තාල තනාලා
නුරා හඬින් ගයමි ඔබේ දෙකන් පුරාලා
හොඳා නේද හොඳා නේද සුදෝ එලීලා....
ආදර නදියේ....
මලක් මලක් බලා ගොසින් බඹරු හොරා මේ
එයින් එකයි මෙයින් එකයි හාදු අදින්නේ
සාධු අනේ සාධු කියා මල් ද මැවෙන්නේ
අන්න බලන් ළඳේ සොබා දහම ඇසේදෝ.....
ආදර නදියේ....
එපා ළඳේ එපා සුදෝ එපා මාළිගා
මගේ පැලේ පුරා පිපේ කුසුම් සාමයේ
කැලෑ මලේ මගේ පැලේ උතුම් විනෝදේ
සෙනේ බලේ විනා දිලේ මේ ලෝකේ.....
ආදර නදියේ....