ආදර නදිය ගලාaadhara nadhiya galaa

Adara Nadiya Gala

Lyrics

ආදර නදිය ගලා ආවා දෙගොඩ තලා - ආ ... පෙම සොයලා
පිරි දිය කඩිති පවා ආවා තරඟ පපා..මේ ......පෙම සොයලා

වන මල තනිව ඔබේ මිහිරෙන් පිරිලා තිබේ
සමනළ කුමරු ඔබේ තුරුළෙන් කැපිල පෙනේ
මා ඔබෙ මාලා සාළිය තුරුළේ
නෑ මාලනී ඔබේ ගාමිණි උකුළේ

පායාලා...- ප්‍රේමේ ගීතේ පුරහඳ වාගෙ වසන්තේ
ආදරයේ - සාරේ දීලා තව පෙම් ගීත ගයන්නේ
මිහිරෙන් මිහිර සොයන්නේ

අගරජ මමයි ඔබේ ඔබ මා රැජිණී තමා
අමතමි ඔබට මාගේ පෙම් ලොව රජිඳා කියා
ආදරේ පාලා නැළවෙමු සොඳුරේ
ඕ... රාජයාණෙනි පෙම් රස ඉතිරේ

පායාලා ...- ප්‍රේමේ ගීතේ පුරහඳ වාගෙ වසන්තේ
ආදරයේ - සාරේ දීලා තව පෙම් ගීත ගයන්නේ
මිහිරෙන් මිහිර සොයන්නේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.