Lyrics
ආදර නදියක මිහිර මැවේ
පෙම් සාගරයක රළ අතරේ
මුහුණෙ සිනා මල් කැකුළු පිපේ
ඇයි ආදරයට බිය සුහදේ
සෙනෙහස මැදුරක සඳළු තලේ
සිටි ඔබ මගෙ නෙත ගැටුණු වෙලේ
පිපුණා පියුමක් මහද විලේ
මා - මිය යන තුරු එය මිළින නොවේ
සැන- සුම් සුසුම් - දහසක් පැතුම්
හදවතට ළං වුණාවේ
කඳුළු ගංගාවක මගෙ නෙත සඟවා
සිනාසුනේ ඔබ සමඟ තමා
ඉහිරුණු කිරකට ඇයි හඬාලා
සැනසෙමු අපි ගිය දේ හැරලා
මේවා -ලොවින් සෝබා දමින්
කාටත් පොදු වෙනවානේ