ආදර හසුනක් හිමින් ඇවිල්ලාaadhara hasunak himin aewillaa

Adara Hasunak Hemin Awilla

Music:
ඉන්ද්‍රජිත් මිරිහනගේindhrajith mirihanagee
Lyrics:
සමන් කුලරත්නsaman kularathna

Lyrics

ආදර හසුනක් හිමින් ඇවිල්ලා
මුමුණනවා නුඔ ගැන වදනක්
නොනිමි කවක් මා ගතේ වෙලෙනවා
පන්හිඳ අද්දර ඉකි බිදිමින්

සරසවි සෙවනේ ආදර මංපෙත්
වැසී ගිහින්දෝ සුවඳ මලින්
පෙමින් බැදුනු ඒ සුපම්වතුන් 
සක්මනින් වඩීදෝ ඇයව අරන්

ආදර හසුනක් ....

දහසක් ලීවද ගී පද මාලා
රැය නිදි වරමින් අදුර ඉරන්
සැළලිහිනියෝ නම් නෑ ගෙනයන්නේ
මගේ සංදේශය නුබට හොරෙන්

ආදර හසුනක් ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.