ආදර ගඟුලෙහිaadhara gangulehi

Adara Gangulehi

Music:
වික්ටර් රත්නායකwiktar rathnaayaka
Lyrics:
ප්‍රේම කීර්ති ද අල්විස්preema kiirthi dha alwis

Lyrics

(ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී - සහන පවන් සැලූ
මා ළඟ ඔබ සිටිනා විටදී - ලොවම දැකුම්කළු...//)

මල් වැල් වන විල් පිරී ගියේ - සෙවන දෙවන්නලූ
බිඟු නද විහඟුන් ඉගිල්ලුණේ - මිහිරෙ රැදෙන්නලූ
පුන් සඳ නැගුනෙත් අහස් තලේ - අපට බලන්නලූ
දෙනෙතට කඳුළැලි තුරුල් කළේ - පෙමට අඬන්නලූ
පෙමට අඬන්නලූ

ආදර ගඟුලෙහි....//

මී වද මී පැණි පිරී ගියේ - දෙතොලෙ රඳන්නලූ
දේදුණු ඕවිලි මැවී ගියේ - නුවන පිනන්නලූ
මේ ලොව මා ඉපදුණේ ප්‍රියේ - ඔබව ලබන්නලූ
ඒ හැර ලැබුණත් පලක් නැතේ - ඉසුරු මැණික් මළු
ඉසුරු මැණික් මළු

ආදර ගඟුලෙහි....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.