Lyrics
ආදර දේදුන්න පායලා
අර බලන්න දුර අහසත් දුකින් වගේ
දැන් මන්දාරම් කර අහස වැසේ
හරියට ඔබ අඩන්න වගේ..//
සුළඟත් වියරු වෙස් අරන්
ආදරයට විරසක දෙතුරුන් වාගේ //
ගහ වැල වැලපී කොළ මල් ලිහා දමයි
අපේ අඟ හිඟ සිත් සනසන්න වගේ
ආදර දේදුන්න පායලා ....
සුන්දර නිල් අහස මැදින්
ඔබේ ආදර මුහුණේ එළිය මැවේවි //
බලන්න තව සැරයක් දේදුණු දෑස් අගින්
ටිකකින් හිනා වෙලා පුන්සඳ වාගේ
ආදර දේදුන්න පායලා ...