ආදර චාරිකාaadhara chaarikaa

Adara Charika

Music:
වික්ටර් දළුගමwiktar dhalugama
Lyrics:
ධර්මසිරි ගමගේdhharmasiri gamagee

Lyrics

ආදර චාරිකා ජීවන චාරිකා
සිතුවිලි අත්වැල් බැඳ යන ආදර චාරිකා
ජීවන මාළිගා දේදුණු මාළිගා
ආදර සිතකින් හදනා ජීවන මාළිගා.....

කෝමළ රේඛාවක් අඩ නින්දෙන් පිබිදිලා
මිලාන අහසේ දේදුන්නක් මෙන්  පායලා
අනංග මල් හීයෙන් පැටලී ආ ඇමිණිලා
අසෝක මල් පෙත්තක් යයි සුළඟේ පාවෙලා.....

ආදර චාරිකා ජීවන චාරිකා
සිතුවිලි අත්වැල් බැඳ යන ආදර චාරිකා

සුරම්‍ය සිහින ලොවේ යන විට පෙම් චාරිකා
ප්‍රසන්න කැල්ම නගයි චංචල නෙත් තාරුකා
තුෂාර කදුළු විමන් මල් වැස්සේ සෝදලා
එක්ටැම් ගෙයට උඩින් දේදුන්නක් පායාලා.......

ආදර චාරිකා........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.