Lyrics
කිසිවක් නොපතා දිවා රෑ නොබලා
දින සති ගෙව්වා මා ගැන සොයලා
අහස් මාලිගා තැනුවේ මන් ගැනම සිතා
නුඹ ගැන සිතුවේ නෑ සිතුවේ මන් ගැනමයි
රජ දහන මගේ ආදර අම්මා
මතු බුදු වේව සරණයි අම්මා............
සිත උණුවී ලේකිරිවී පන පොවන්න නොවිරූ
අපමන දුක් වින්දා දහදුක් ඉහිලූවා
පාරමි දම් පුරනා අග රැජිනයි අම්මා
මතු බුදු වේව සරණයි අම්මා............
බුදු වෙනදා අම්මේ ඉන්නම් ලගින් මන්
රාහුල පුතු වෙන්නම් නුඹ බුදුවෙන සසරේ
අග රැජිනයි මාගේ බුදුවන අම්මා මගේ
නිවුනා ඔබේ හදේ දුක් ගින්දර මෙලොවේ//
හා..හා..හා.................