Lyrics
(අඬන්න ලං වෙලා ඇස් දෙක රතු කරන්
කියන්න මට ඔයා තරහාද දැන් ඉතින්......//)
(මගේ නෙත් සොයන්නේ ඔයාගේ රුවයිනේ
හදවතේ රැඳෙන්නේ ඔයාගේ ආදරේ.....//)
මගේ මුළු ජීවිතේ සැනසූ ඔයයි මේ
(ඉන්නකෝ සිනාසී මගේ සඳ මගේ මේ......//)
අඬන්න ලං වෙලා......//
(හොරෙන් බලා නොදැක්කා සේ පා නගන්නේ
වරදක් වුණා නම් ඇයි සමාව නොදෙන්නේ.....//)
ඔය ඇස් දෙක දිහා බලාන කියන්නේ
(මම නෑ ආයෙමත් වරදක් කරන්නේ......//)
අඬන්න ලං වෙලා......//