ආඩම්බර නෙත් හිමිකාරීaadambara neth himikaarii

Adambara Neth Himikari

Album
Adambara Neth Himikari
Music:
Mihira Sa
Lyrics:
සසිරු දීවන්ජනsasiru dhiiwanjana

Lyrics

ආඩම්බර නෙත් හිමිකාරී 
සිත් අහසේ නුබ දඟකාරී 
මිතුදම් සුළගේ ලියු කතාවේ තහනම් මල ඔබයි ප්‍රියාවී //
පෙම් ඉඟි ලියු බොඳ ගීතයත් ඔබයි 
මා සිත රැවටු ගී තනුවත් ඔබයි මුළු දිවියම පතනා පෙම් සිහිනය ඇයයි 
මගෙ සිත් මල් යහනේ දෙව්ලිය ඔබ වෙනවා නම් 
මේ පෙම් ගී සයුරේ දිය උල්පත වෙනවා නම් 
සුන්දරියේ ආදරියේ ... සුන්දරියේ ආදරියේ ...

සෙවනැල්ලේ පාට මැකූ සදසාවී ඔබයි 
සිත් අහසම සැනසූ මද සුළග ඔබයි 
මේ සසරම සොයනා නිල් මිරිඟුව ද ඇයයි 
මගෙ සිත් මල් යහනේ දෙව්ලිය ඔබ වෙනවා නම් 
මේ පෙම් ගී සයුරේ දිය උල්පත වෙනවා නම් 
සුන්දරියේ ආදරියේ ... සුන්දරියේ ආදරියේ ... සඳවතියේ ...

ආඩම්බර නෙත් හිමිකාරී ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.