අද වෙයි ඉරු දිනadha weyi iru dhina

Ada Wei Iru Dina

Lyrics

අද වෙයි ඉරු දින, ඔබ හමුවෙවිද
ඔබ හා බැඳි හද, අද නොතැවේවිද
මගෙ හද විල මැද, සැලෙන ඕලු කොඳ
අද සුපිපේවිද, මගෙ සිත තුටු වේවිද

සතියෙ දින හත, ගැන ගැන මගෙ සිත
ඉරිදා දින මත, මගෙ පැතුම් රැඳී ඇත
සද පායන තුරු කුමුදු පිපෙන තුරු
මම ඉමි නිරතුරු, එන ඉරිදා වන තුරු

අද වෙයි ඉරු දින.../

ඔබෙ සියුමැලි වත, පණගන්වයි සිත
පැටලී හදවත, සැමදා පවතිනු ඇත
ඉරිදා දිනකට, ඇති මගේ සහතික
මැන බර කිරුමට, හැකි වෙවිද කෙනෙකුට

අද වෙයි ඉරු දින.../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.