අද නැතත් ලොවේ ඔබ මා හාadha naethath lowee oba maa haa

Ada Nethath Lowe Oba Man Ha

Music:
ඩිලාන් පෙරේරාdilaan pereeraa
Lyrics:
එරංග මදුශංකeranga madhushanka

Lyrics

අද නැතත් ලොවේ ඔබ හා මා
ඇති තැනක සතුටින්ම ඔහු හා
මේ ලබපු දෛවේ අපේ ඉරණමයි
නෑ වෛරයක් නුඹට කිසි දා
හැමදාම නුඹ රැක්ක මේ හදවත
රවටන්න හිතුවාද සැමදා...

(මා මියගියත් නුඹ මත්තෙම
සිහිවේවි හැම දාම මේ ඇස් දෙක...//)

මට තාම හැමදේම මතකයි ඔබේ
ඔය හිතට පෙම් කෙරුවෙ මං පන වගේ
අස්ථීර හැමදේම මේ ලෝකයේ
ස්ථීර නෑ ඒ තමයි ජීවිතේ...

(මා මියගියත් නුඹ මත්තෙම
සිහිවේවි හැම දාම මේ ඇස් දෙක...//)

කාලයට ඉඩ දීලා ඉන්නම් ඔහේ
නුපුරුදු දෙයක් නෙවේ දුක මේ හිතේ
⁣ඔහු තනපු මාලිගය නුඹ ඉදිරියේ
රැකගන්න හැමදාම පන මෙන් ඔබේ

(මා මියගියත් නුඹ මත්තෙම
සිහිවේවි හැම දාම මේ ඇස් දෙක...//)

අද නැතත් ලොවේ නුඹ මා හා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.