අද මා විඳිනා දුකadha maa windinaa dhuka

Ada Ma Widina duka

Music:
දිමංක වෙල්ලලගේdhimanka wellalagee
Lyrics:
චින්තිය සිම්ස්chinthiya sims

Lyrics

අද මා විඳිනා දුක ඔබම නිසා තනිවෙලා මේ ලොවේ
ඔබ දන්නේ නැහැ කොතරම්ද කියා නැති නිසා ළඟ මගේ
බොරු වැරදි කියා රිදවාලා ගියත් වෛර නෑ මා සිතේ
තේරුම් ගත්තා කම් මුලදී ඔයා කඳුළු නෑ මේ නෙතේ......

ඔබව නිදොස් කරගන්න කියා වැරදි මමයි පවසන්න එපා
හිතට හොරෙන් බොරු බස් පවසා මටම තවත් රිදවන්න එපා
මා තරම් කව්රුවත් ඔබට නම් කිසිදා පෙම් කළේ නැති බවත්
හිත ඔබේ දන්නවා.....

තවත් කෙනෙක් ඔය හිතට වෙලා සනසයි නම් ඔබ තුටින් තියා
දුකක් වුණත් ඈතකට වෙලා මා ඉන්නම් කඳුළැල් සඟවා
ඔය හිතේ කොතැන හෝ මා ඉඳී යයි කියා 
තව තවත් හෙට දිනේ ඔබව මා පතනවා.......

අද මා විඳිනා දුක......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.