අද අමුතුම රැයකිadha amuthuma raeyaki

Ada Amuthuma Rayaki

Lyrics:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

Lyrics

(අද අමුතුම රැයකි හොඳ සීතල පැයකි
අඳුරු වළා වැළකී මගෙ සිත සතුට දකී...//)

ඝන නිල් වරළින්නේ - මල් සුවඳකි එන්නේ
හද විනිවිද යන්නේ - නෙත් සිත පිබිදෙන්නේ

අද අමුතුම.....

නිලුපුල් වැනි දෑසේ - සැතපී ඇති රහසේ
තේරුම තෝරාලා - දෙනු මැන හිනැහීලා

අද අමුතුම.....

සුළලිත මුදු වරලේ - අඩවන් සඳ බැබළේ
නා දළු බඳු දෙතොලේ - බිහි වෙයි මධු කොතලේ

අද අමුතුම.....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.