අභියාචනයයි දෙවිඳුනේabhiyaachanayayi dhewindunee

Abhiyachanayayi Devindune

Lyrics

අභියාචනයයි දෙවිදුන්නේ පසිදාලාන්ටයි අයදින්නේ
ඔබ පා සෙවණේ වැඳ මා බැතිනේ
කීවත් නැතත් එය ඇසුණේ ඔබේ දේවාලේ දොර වැසුණේ

යාදින දෑසේ කඳුළු පෙනිලා කිසිවත් හදවත් උණු නොම වී
කාසියේ වාසී දැක ලොභ වීලා මිනිසා මිනිසක් කම් නොදකී
අඩලා පෙරමඟ ජය ගන්නේ නැගිලා ඉනිමඟ පෙරලන්නේ
දුදනන් හමුවේ සුදනන් සැඟවේ අරුමය කිමදෝ දෙවිඳුන්නේ
ඔබේ දේවාලේ දොර වැසුනේ

ලෝ හැම දේ සේ ගිනි ඇවිලේවී අඟලේ උරුමය සිත රන්දා
ප්‍රේමය සාමේ සැඟව ගියාදෝ පුරනා පිංදන් මදි හින්දා
කළගුණ අමතක මිනිසුන්නේ නෙත් හැර දෙනු මැන දෙවිඳුන්නේ
සිත් පුදසනෙහි පව් මල සෝදා
නීති රැකදේවා දෙවිඳුන්නේ //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.