අබ මල් රේණුවක්aba mal reenuwak

Aba Mal Renuwak

Lyrics

අබ මල් රේණුවක් තරම්
මා ගැන සෙනෙහේ තිබුණා නම්
අද මේ විලස මට දුකක්
නුඹ මට දෙයිද රත්තරන්

(සඳ තරම් නැති වුවත්
අටවක සඳ තරම්වත්) //
නුඹ මට එළිය වුණා නම් //

අබ මල් රේණුවක්...

(සාගරේ තරම් නැති වුවත්
තණ අග පිනි බිඳුව තරම්වත්) //
නුඹ මට සිසිල වුණා නම් //

අබ මල් රේණුවක්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.