ආවාට තිබුණත්aawaata thibunath

Aawata thibunath

Lyrics

ආවාට තිබුණත් නිසසල සඳ මත
එය හරි ප්‍රියංකරයි
මා කාට නැතුවත් ඔබට පිදූ පෙම
සඳ මෙන් අහිංසකයි
එතරම් අහිංසකයි

(මංගල පෝරුව මතට එදා ඔබ
දෙපා නැගූ ඒ සුබ ‍මොහොතේ...//)
සිහිසන් නොමැතිව වැටුණු අයුරු දැක
අනුකම්පාවකි මසිත වෙලාගත්තේ

ආවාට තිබුණත්....

(සදා කාලයෙන් සදා කාලයට
අපට උරුම නැත දුක්‌ කඳුළු...//)
මැලැවුනු මල් පෙති යළි පුබුදන්නට
අපේ ලොවට හෙට හිරු පායා එනවා

ආවාට තිබුණත්....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.