Lyrics
ඈතින් ඇසෙන ගන්ඨා නාදයක් ලෙස
රෑකින් මිදෙන අවපස සඳවතක් ලෙස
දෝතින් එදා පුද දුන් හද මඩල යස
තාමත් මගේ ළඟමයි සිහිනයක් ලෙස
ඔබ වෙන්වුනේ ඔබ වට බැඳි පවුරින්ය
මා තනිකළේ කළ හැකිවක් නැති උන්ය
කිසිවෙකු නමින් නොපිදූ සිත එලෙසින්ය
ඔබ දැන් මට පෙනෙන්නේ පෙර මතකෙන්ය
ආලය අයිති වීමෙන් පසු නිම වේද
මා හට අයිති නැති ඔබ අද ඇයගේය
සෝබර හිතට මේ කිසිවක් නොහැඟේය
ඈතින් හිඳිමි මා පණ නල ඔබගේය
ගේය පද - බන්ධුල නානායක්කාරවසම්