ඈත කඳුකර හිමව් අරණේaetha kandukara himaw aranee

Aatha Kandukara Himawu Arane

Lyrics

(ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ...//)

(සඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ...//)
ළඳ ලියන්නේ සිහින අතරේ
මැවෙයි ඒ රූපේ...

ඈත කඳුකර හිමව් අරණේ....

(රනින් කල වන් පුළුල් උරයෙන්...//)
හසුන් ළමැදේ මුස කරන්නේ
(හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ...//)
සරා ගී නිල් නුවන් බඳුනෙන්
නුරා ඉතිරෙන්නේ...

ඈත කඳුකර හිමව් අරණේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.