ඈත එපිට හිම කන්දෙන්aetha epita hima kandhen

Aatha Epita Hima Kanden

Lyrics

ඈත එපිට හිම කන්දෙන්
කලු වලාව සමගින් ආ
ආදරයෙ පිනි කැට පොදි
සිරි සිරි ගා සැලුනා
පිනි කැට දිලුනා//

නැගුනු සීත වා රැලි
නිවුනු මිහිරි ගොපලු ගී//
ලිහිනි හඩින් මන්දාරම
ලිහිනි හඩින් මන්දාරම
සිරි සිරි ගා සැලුනා
පිනි කැට දිලුනා

ඈත එපිට හිමකන්දෙන්

ලයට තුරුලු පාලුවෙන්
මීදුමෙන් වෙලා ගොසින්
හදෙහි ඇදි පින්තාරුව
හදෙහි ඇදි පින්තරුව
බොද වෙලා ගොසින්
බොද වෙලා ගොසින්

ඈත එපිට හිම කන්දෙන්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.