ඈත දුර බලා දෙනුවන් බොහෝ දුර තියාaetha dhura balaa dhenuwan bohoo dhura thiyaa

Aatha Dura Bala Denuwan

Lyrics

ඈත දුර බලා දෙනුවන් බොහෝ දුර තියා
පැතුමන් පැතුවේ ඔබ හමුවේවි සිතා
දුටුවේ ඔබෙ සියුමැලි
මුවගේ රැඳි හසරැලි
මා හදේ රැදුනා මනහාරි

පාවෙනා සුදු වලාකුලේ සැඟවෙනා හිරු වගේ
ආදරේ ඔබෙ සිනහවේ සඟවන්න බෑ ප් ‍රියේ
හද පතුලෙන්ම ගැහෙනා නිසා
මට හදගැස්ම දැනෙනා නිසා

දෑස පිනවූවා වගේ හමුවෙලා මුල් දිනේ
කිතිකවා ඔබේ ආදරේ මා ලඟින් සැතපුනේ
මට සදහටම ඔබ ලංවුනා
හිත හැමදාම දැනුනෙ නෑ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.