Lyrics
ආපසු යන්නට පාර කියනවද
දැන් සමුගන්න ළඟයි
ආයෙත් දවසක අප හමුවන්නට
කළ පින් මදිද සිතෙයි
ආපසු යන්නට පාර කියනවද
දැන් සමුගන්න ළඟයි
යොදුන් ගණන් දුර ආවෙද පසුකර
මල් මාවතක නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරූවේ
ආපසු යන්නට පාර කියනවද............
කල්ප කාලයක් පෙරුම් පිරූවේ
හෙට සමුගන්න ලොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරූවේ
ආපසු යන්නට පාර කියනවද............