ආලේ කතාaalee kathaa

Aaley Katha

Music:
ඉරාජ්iraaj
Lyrics:
අචල සොලමන්ස්achala solamans

Lyrics

ආලේ කතා අතරේ පවා 
හීනේ බිඳී දුක වෑහුනා 
නුඹ ගැන සිත සිතා මම 
ලිය ලියා දුන් ආදරේ විසිරුණා 
නුඹේ රුව මව මවා මම ආදරෙන් මියැදුනා 

දැනුනේම නෑ හැරයයි කියා 
සිතුවේම නෑ මිහිරාවියේ මගේ හැරයයි කියා
සිතුවේම නෑ   
නුඹ ගැන සිත සිතා මම 
ලිය ලියා දුන් ආදරේ විසිරුණා 
නුඹේ රුව මව මවා මම ආදරෙන් මියැදුනා 

පායා ආකාසේ හිනැහුනත් යලි ඔයා 
නෑ නෑ එලිවෙන්නෑ 
ජීවිතේ යලි සදා 
මා ආදරේ දැනුනේම නෑ සදා 
තනිවී මෙසේ සැමදා හිඳී අඳුරේ රැඳී 

(නුඹ ගැන සිත සිතා මම 
ලිය ලියා දුන් ආදරේ විසිරුණා 
නුඹේ රුව මව මවා මම ආදරෙන් මියැදුනා)...///

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.