ආලේaalee

Aaley

Music:
ඩැඩීdaedii
Lyrics:
ඩැඩීdaedii

Lyrics

කළු පාට හමට දෙන්නෙ නැද්ද හාදුවක්
අද ලස්සන උනෙ කොහොමද වෙනදට ටිකක්
මනමාල කමට නෙමෙයි කලේ විහිළුවක්
හදේ ගැඹුරේ සැගවී තිබෙනා....

කල් යන්න යන්න පපුවට දැනෙනවා බයක්
ලඟ ඉන්නා විට සිහින දකිමි කෝටියක්
හිත රිද්දන විට උනනව කඳුළුත් ටිකක්
හදේ ගැඹුරේ සැගවී තිබෙනා ඒ....

(ආලේ නෑ නේ ඕනේ.....//)

අපි ආදරේ කරනවා දැන් දිගුකාලයක්
බැරි උනාතාම අරන්දෙන්න මාලයක්
තරහින් බලන්න එපා නැතුව ප්‍රේමයක්
හදේ ගැඹුරේ සඟවා නොතියා....

ඔය හිතෙන හිතෙන දේ කරන්න බෑ මටත්
ලඟ ඇත්තෙ ටිකයි ඉතිරි කරපු කාලයක්
අපි පවුල් වෙමුද අරගෙන පොඩි සාදයක්
හදේ ගැඹුරේ සඟවා නොතියා ඒ....

(ආලේ නෑ නේ ඕනේ.....//)

හාදු උනත් මුව ගාව නැතත්
කිසිදිනකදි නෑ තැවුනේ
කාසි ගොඩක් මං ගාව නැතත්
නැතුවද අගනේ ඔබටම බැදි මාගේ....

(ආලේ නෑ නේ ඕනේ.....//////)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.