ඒ සොඳුරු සමනල් වියේee sonduru samanal wiyee

Aa Sonduru Samanal Viye

Lyrics

ඒ සොඳුරු සමනල් වියේ 
පිය නැගුව ඒ මාවතේ
සුවඳයි ඔබේ ආදර

හිනැහෙන්න සෙව්වන්දියේ//

කියන්න ඔබ ඇයි මා හැර යන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ //

ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ //

සුදු රෝස දවටා අද මනාලියක් වී ඔබ හරි ලස්සනයි
මගෙ නෙතු ළග කිසිදා නොරැදුණු
කඳුලක් අද ඔබ දැක මගේ හිත පාරයි
හිනැහෙන්න සෙව්වන්දියේ//

කියන්න ඔබ ඇයි මා හැර යන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ //

ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ //

මළ හිරු බැස යන යාමේ සමුදෙන්නද ඔබ මේ සැරසෙන්නේ
ඔබේ සෙනේ කිසිදා මා අත් හරිනා බව සිත නෑ පිළිගන්නේ

හිනැහෙන්න සෙව්වන්දියේ //

ඒ සොඳුරු සමනල් වියේ............... 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.